අව්ව සත්තමයි අපි ඔබට බැන්නා
ඉඩෝරය අපි දැව්වාම
වැස්ස තව දිනක් අපි ඔබට බැන්නා
අනෝරා වැහි වැටුනාම
හුළඟ ආයෙමත් අපි ඔබට බැන්නා
චන්ඩ මාරුත ආවාම
පික්ක ඔබත් නිතරම බැණුම් ඇහුවා
හේතුවක් දැන නොදැනීම
මිනිස් කුලකයෙ අපිත් බැන්නා
ස්වභාවයටම හැමදාම
හැදුන නොහැදුන අයෙක් වේවිද
නිතර සොයනවා මම තාම


No comments:
Post a Comment