හොයනවා මම තාම - නිසඳැස් අඩවිය

Breaking

Sunday, February 1, 2026

හොයනවා මම තාම

 

පරිසරය

අව්ව සත්තමයි අපි ඔබට බැන්නා
ඉඩෝරය අපි දැව්වාම
වැස්ස තව දිනක් අපි ඔබට බැන්නා
අනෝරා වැහි වැටුනාම

හුළඟ ආයෙමත් අපි ඔබට බැන්නා
චන්ඩ මාරුත ආවාම
පික්ක ඔබත් නිතරම බැණුම් ඇහුවා
හේතුවක් දැන නොදැනීම

මිනිස් කුලකයෙ අපිත් බැන්නා
ස්වභාවයටම හැමදාම
හැදුන නොහැදුන අයෙක් වේවිද
නිතර සොයනවා මම තාම

No comments:

Post a Comment